Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

2019 ජනාධිපතිවරණය සඳහා වඩාත්ම සුදුසුකම් සහිත අපේක්ෂකයා ලෙස ආචාර්‍ය රොහාන් පල්ලෙවත්ත ඉස්මතු වූයේ ඇයි..?

2019 ජනාධිපතිවරණය සඳහා වඩාත්ම සුදුසුකම් සහිත අපේක්ෂකයා ලෙස ආචාර්‍ය රොහාන් පල්ලෙවත්ත ඉස්මතු වූයේ ඇයි..?

රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි,ආචාර්ය නාලිකා රණතුංගයන් ආචාර්ය රොහාන් පල්ලෙවත්ත මහතා ගැන පලකළ සටහනකි.

1. දැනට කරළියට පැමිණ සහ පැමිණෙමින් සිටින සියළු අපේක්ෂකයන් අතරින් වඩාත් ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලබා ඇත්තේ ආචාර්‍ය රොහාන් පල්ලේවත්තයන්ය.

2. ආචාර්ය රොහාන් පල්ලෙවත්ත ලබා ඇති අධ්‍යාපනය එක් අංශයකට සීමාවූවක් නොව එය ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය, ව්‍යාපාර කළමණාකරණයේ හා ව්‍යවසායකත්වයේ ප්‍රවීණත්වය යනාදී ලෙස විවිධ ක්ෂේත්‍ර හරහා විහිදී ගිය එකකි. මෙතෙක් යෝජනා වී ඇති සියලුම අපේක්ෂකයන් අභිබවමින් පුළුල් විෂය ක්ෂේත්‍ර ගණනාවක පශ්චාත් උපාධි මට්ටම දක්වා දැනුම ආචාර්ය රොහාන් පල්ලෙවත්තයන් සතුවේ.

3. රොහාන් පල්ලේවත්ත මහතා ව්‍යවසායකයෙකු ලෙස ව්‍යාපාර කළමනාකරණය, මානවසම්පත් කළමණාකරණය, දේශීය හා විදේශීය වෙළඳපොල සබඳතා ඇතිකරගැනීම සම්බන්ධයෙන් ඇති ප්‍රයෝගික අත්දැකීම් සම්භාරය, රටෙහි නායකත්වය ඉසිලීම සඳහා අමතර සුදුසුකමක් වේ. උපතින්ම දේශපාලකයෙකු නොවී, තම ශක්තියෙන් ජීවිතය ජයගත් ඔහු වැන්නෙකු සමාජය තුළ පවතින ආර්ථික හා සමාජයීය ගැටළු සහ වටිනාකම් පිළිිබඳව වටිනා අත්දැකීම් ඒ හරහා ලබා තිබේ.

4. ස්වභාවයෙන්ම නායකත්ව ගතිගුණවලින් හෙබි ආචාර්ය රොහාන් පල්ලෙවත්ත, ඔහු සතු මිත්‍රශීලී, එමෙන්ම වෘත්තීයමය පෞරුෂය හරහා දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සිට සමාජයේ සියළු ස්ථර දක්වා පුද්ගලයන්ගේ ආදර ගෞරවයට පාත්‍රවූ අයෙකි.

3. විශ්වවිද්‍යාලයීය ආධුනික කථිකාචාර්ය වරයෙකු ලෙස තම නිසඟ කථික හැකියාවන් හරහා ඔහුගෙන් දැනුම ලබාගත් සිසුන් ප්‍රමාණය ඉතා අධිකය. ඔහුගේ ජීවිත අත්දැකීම්ද මුසුකොට එම සිසුන් දැනුවත් කරන ඔහුගේ දේශන හරවත්‍ මෙන්ම රසබර වේ.

4. ජීවිතයේ තරුණ අවදියේම ජීවිතයේ සාර්ථකත්වය සිය ධෛර්‍යයෙන් උරුම කරගත් ඔහු රටට බරක් නැති ලංකා පුත්‍රයෙකි. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් දහස් ගණනකට රැකියා සපයන ඔහු රටෙහි ආදායමට සැලකිය යුතු දායකත්වයක් සපයන ඵලදායී පුරවැසියෙකි.

5. ජීවිතයේ ඵලදායී කාලය සිය රටෙහි සුභසිද්ධිය වෙනුවෙන් කැපකිරීමට සිතා, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඔහු බලාපොරොත්තු වූයේ කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ඉතා අවංක හැඟීමෙන්ය.

6. සත්‍යවාදී බවත්, ප්‍රතිපත්තිගරුක බව හා නොසැලෙන ආත්මධෛර්‍යය සිය ජීවිතයේ පරමාදර්ශය කරගත් ආචාර්‍ය රොහාන් පල්ලෙවත්තයන්ගේ චරිතය ඉතා පිරිසිදු වේ. කිසිවෙකුට ඇඟිල්ලක් දිගුකල නොහැකි ආදර්ශමත් ජීවිතයක් ගතකරන ඔහු වැනි පුරවැසියෙකු රටෙහි නායකත්වයට පත්වීම සෞභාග්‍යමත් රටක් බිහි කිරීමෙහිලා ඉතා වැදගත් වනු ඇත.

7. තම අදහස් දේශපාලන වේදිකාවේ මෙන්ම ඉන් පිටතදීත් ඉතා සිත්ගන්නාසුලු ලෙස සන්නිවේදනය කිරීමේ හැකියාව ආචාර්‍ය රොහාන් පල්ලෙවත්තයන් සතුවේ. ඉතා සංයමයෙන් හා වගකීමෙන් ඔහු ප්‍රකාශ කරන වචන බුද්ධියට මෙන්ම හදවතටද අමතයි.

8. ආචාර්‍ය රොහාන් පල්ලේවත්ත නම් පුද්ගල පෞරෂත්වය පමණක් නොව, අනාගත ශ්‍රී ලංකාව යහපත් මගකට යොමු කිරීම සඳහා අවශ්‍ය නායකත්වය සැපයීම වෙනුවෙන් ඔහු සතු දැක්ම සහ අවබෝධය ද කිසිවෙකුට දෙවෙනි නොවේ. ඔහුගේ දර්ශනය ඔස්සේ ගමන්කරන අනාගත ශ්‍රී ලංකාව ඉසුරුමත් දේශයක් වනු නොඅනුමානය

මෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින කරළියේ සිටි, සහ කරළියට එමින් පවතින සියළු චරිත අභිබවමින් ආචාර්‍ය රොහාන් පල්ලෙවත්ත චරිතයත්, ඔහුගේ දැක්මත් මේ රට සෞභාග්‍යමත් ඉසුරුමත් දේශයක් බවට පත්කිරීමෙන්හි ලා අතිශය විශ්වසනීය හැඟීමක් ශ්‍රී ලාංකික හුදී ජන මනස තුළ මේ වනවිට සනිටුහන් කර අවසානය.

එසේනම් , අපගේ මාතෘ භූමියේ ඒකීයභාවය සහ ජාතික සමගිය නැවත නගා සිටුවනු වස් ජාතික නායකත්වයක් සඳහා වන එකම ගෞරවනීය අපේක්ෂාව #ආචාර්ය_රොහාන්_පල්ලේවත්ත සමඟින් ගෞරව අබිමානයෙන් යුක්තව බලවත් මෙන්ම සුන්දර දේශයක් නිර්මාණය කිරීමේ ජාතික කර්තව්‍යය වෙනුවෙන් උර දෙන්නට ඔබත් එකතු වන්න..

✍️ සටහන :- රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි,ආචාර්ය නාලිකා රණතුංගයන් විසිනි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *