අසර්බයිජාන්හිදී මියගිය ශ්‍රීලාංකික සිසුවියන්ගේ දේහයන් මෙරටට ගෙන්වාගැනීමට කඩිනම් පියවර

හදිසි ගින්නක් හේතුවෙන් අසර්බයිජාන් හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන්ගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීමට එරට රජය හා එක්ව මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කර සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි. අසර්බයිජාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති බැවින් ටෙහෙරාන්හි පිහිටි මෙරට තානාපති කාර්යාල නිලධාරීන් මගින් එරට රජය සමඟ කටයුතු සම්පාදනය කිරීමට සිදුව ඇති බවට ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

අසර්බයිජාන්, බකූ අගනුවර බේයිල් ප්‍රදේශයේ පිහිටි නවාතැනක පසුගිය 9 වැනි දින රාත්‍රියේ හදිසියේ හටගත් ගින්නකින් ඇතිවූ දුම ආඝ්‍රාහණය වීමෙන් මෙම සිසුවියන් තිදෙනා මියගිය බවට වාර්තා වුණා. බටහිර කැස්පියන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මෙම සිසුන් තිදෙනා කඩුවෙල හා පිළියන්දල ප්‍රදේශවල පදිංචි බව සදහන්.
ඔවුන් වයස අවුරුදු 21, 23 සහ 25 යන වයස් වල පසුවූ අතර ඉන් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරියන්ද වනබවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *