අල කන්ටේනරයේ කෘතිම අල ඇතුලින් හෙරොයින් මතුවෙයි

පාකිස්ථානයේ සිට මෙරටට එවා තිබූ අල කන්ටේනරයක කෘතීම අල ගෙඩි අතර සඟවා තිබූ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 75 කට වැඩි ප්‍රමාණයක් මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කරන ලද වැටලීමකදී ඊයේ (12) අත්අඩංගුවට ගත්බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වාර්තා කරයි.

පකිස්ථානයේ සිට පැමිණි මෙම කන්ටේනරය පරීක්ෂා කිරීම සිදුකර ඇත්තේ කොච්චිකඩේ ප්‍රදේශයේ මහජන ක්‍රීඩාංගනය තුළදීය. එය පරීක්ෂා කිරීමේදී එහි තිබූ අලගෙඩි අතර ව්‍යාජව සකස් කළ අලගෙඩි ද තිබී ඇති අතර එම අලගෙඩි අතර මෙම හෙරොයින් තොගය තිබූ බවට පොලීසිය වාර්තා කරයි

මෙම කන්ටේනරය සම්බන්ධව ලැබුණු තොරතුරක් මත නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර අදාළ කන්ටේනරය ඊයේ දිනයේ රේගුව විසින් මුදා හැරීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් කන්ටේනරය පසුපස හඹා ගොස් කොච්චිකඩේ ප්‍රදේශයේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන ජාවාරම්කරු ලෙස කටයුතු කළ පාකිස්ථාන ජාතිකයා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *