අය-වැය අද පාර්ලිමේන්තුවට

එළඹෙන 2021 වර්ෂය සඳහා වන අය-වැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පස්වරු 1.40 ට අය වැය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

අග‍්‍රාමාත්‍යවරයා විසින් 2021 වසර සඳහා වන අය-වැය ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (18) සිට 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වේ. දෙවන වර කියවීම පිළිබඳ ඡුන්ද විමසීම 21 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වේ. හෙට සිට 20 වැනිදා දක්වා පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වේ.

අයවැය කාරක සභා අවස්ථාව ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වේ. දෙසැම්බර් 10 වැනි දින පස්වරු 5.00 ට ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරන්නේ අයවැය ප‍්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අද සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළ සියලූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *