අයිඑස් ලොක්කා ලිබියාවේ සැඟවිලා

අයිඑස් අයිඑස් ත්‍රස්ත සංවිධානයේ නායකයා හැටියට පෙනී සිටින අබු බකර් අල්-බග්දාදි මේ වනවිට ලිබියාවේ සැඟව සිටින බව ඉරාක හිටපු ඇමැතිවරයකු වන අල්-සුබෙයිදි බැග්ඩෑඩ් පෝස්ට් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
ඉරාකය හා සිරියාවේ ප්‍රදේශ අල්ලාගැනීමේ උත්සාහයක නිරතවූ අයිඑස් ත්‍රස්ත සංවිධානය එම සටන් පරාජයන්ගෙන් පසු ඊට පහළ උතුරු අප්‍රිකා කලාපය වෙත සංක්‍රමණය වෙමින් එම ප්‍රදේශ අල්ලා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බවත් මේ නිසා ලිබියාව ඊජිප්තුව හා ටියුනීසියාව මේ වනවිට අයිඑස් ග්‍රහණයට ලක්වෙමින් පවතින බවත් පෙන්වා දී ඇත.

අබු බකර් අල්-බග්දාදි කලක් ඉරාකයේ රුට්බා නමැති දිස්ත්‍රික්කයේ සැඟව සිටි බවත් උමං මාර්ගයක පිහිටි රහසිගත ස්ථානයක ඔහු සිටි බවටත් තොරතුරු වාර්තා විය. තවත් කලෙක වාර්තාවී තිබුණේ ඔහු මියගිය නමුත් අයිඑස් සංවිධානය එම ආරංචිය සඟවා සිටින බවයි. අබු බකර් අල්-බග්දාදි වසර ගණනාවක් රහසිගත නිහඩ ජීවිතයක් ගතකළ අතර ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු ඔහු පෙනී සිටි වීඩියෝවක් නිකුත් කරමින් එහි වගකීමද අයිඑස් ත්‍රස්ත සංවිධානය බාරගන්නා බව කියා තිබිණි.

(Image – www.aljazeera.com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *