අමෙරිකාවේ ඊයේ දිනය තුළ පමණක් කොරෝනා මරණ 2800 ක්

Share this Article

අමෙරිකා එක්සත් ජනපදය තුළ ඊයේ දිනයේ පමණක් නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් 2,804 දෙනෙකු මරණයට පත්වී තිබේ. ඉන් වැඩි පිරිසක් නිව්යොර්ක් හා නිව් ජර්සි ප්‍රදේශ වලින් වාර්තා වේ. මේ වනවිට එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 45,318ක් වන අතර මුළු ආසාධිතයින්ගේ සංඛ්‍යාව 818,744 ක් වේ.

ඇමරිකාව හැරුණු කොට වැඩිම මරණ ප්‍රමාණයක් ලෙසට එක්සත් රාජධානියෙන් මරණ 828ක් ද ඉතාලියෙන් මරණ 534ක්ද වාර්තා වේ.

මේ අතර ලොවපුරා කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 2,556,515 (මිලියන දෙකහමාරක්) ඉක්මවා තිබේ. එමෙන්ම සමස්ථ කෙරෝනා මරණ සංඛ්‍යාව 177,608 ලෙසටද සදහන් වේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.