Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිට කොවිඩ් වැලදේ.

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිට කොවිඩ් වැලදේ.

කොවිඩ් – 19 වෛරසය අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයාටත් ආසාදනය වී තිබේ.

ඒ අනුව එම නගර සභාව තාවකාලිකව වසා දැමුණු අතර කොවිඩ් ආසාදිත සභාපතිවරයා ප්‍රතිකාර සදහා IDH රෝහල වෙත ඊයේ (27) පස්වරුවේ රැගෙන ගොස් ඇත.

එමෙන්ම ගම්පොළ නගරයේ පිහිටි ප්‍රධාන රක්ෂණ ආයතනයක කාර්ය මණ්ඩලයට කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවල දී ඉන් 22 දෙනෙකුටම වෛරසය වැළඳි ඇතැයි තහවුරු විය.

පසුව ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කෙරුණු අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් වූ පුද්ගලයින්ගේ පවුල 30ක් නිරෝධායනයට යොමු කර තිබේ.

මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 103,487ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පූර්ණ සුවය ලැබූ ගණන 94,856කි.

7,976 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

මේ අතර, කොවිඩ් රෝගය ඉදිරියේදී රට තුළ උත්සන්න වුවහොත් ඊට මුහුණ දීමට අවශ්‍ය සැලසුම් මේ වනවිට සකස් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රෝගීන්ට අවශ්‍ය රට තුළ පවතින ඔක්සිජන් නිෂ්පාදනය ද තුන් ගුණයකින් වැඩි කිරීමේ හැකියාන පවතින බවය.

“ඉදිරියේදී රට තුළ හඳුනාගන්නා ආසාදිතයින්ට රෝහල් තුළ ගැටලුවක් නැතිව ප්‍රතිකාර කරන්න පුළුවන් වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් පිළිබඳව අපි දිගින් දිගටම සාකච්ඡා කරලා මේ වෙනකොට සැලසුම් හදලා තියෙනවා. අපිට අවශ්‍ය තරම් ඔක්සිජන් තියෙනවා. ඒ වගේම ඉදිරියේදී අවශ්‍ය වුණොත් ඔක්සිජන් නිෂ්පාදනය දැනට පවතින ප්‍රමාණය අනුව තුන් ගුණයක් දක්වා ඉතා කෙටි කාලයක් තුළ වැඩි කිරීමේ හැකියාව අපේ රට තුළ තියෙනවා,”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *