SL-Embassy-in-ABu-Dhabi

අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලාංකිකයන් සඳහා විශේෂ දැනුම්දීමක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංචාරක වීසා මත මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංචාරක වීසා බලපත්‍ර මත සිටින සහ වීසා අවලංගු කර ඇති හෝ ආපසු සිය රට බලා යාමට නොහැකි වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් උපකාර සඳහා තානාපති කාර්යාලය අමතන ලෙස ඉල්ලා තිබේ.

+97126316444 / +97126346481 යන නිල දුරකථන අංක ඔස්සේ අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තම තොරතුරු ලියාපදිංචි කරන ලෙස තානාපති කාර්යාලය අතරමං වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

2023 ජනවාරි 13 හෝ ඊට පෙර ඔවුන්ගේ තොරතුරු ලියාපදිංචි කරන ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අදාළ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *