’’අපි ත්‍රිපෝෂ සමාගම රකිනවා’’ – අමාත්‍ය වෛද්‍ය නලින්ද

ත්‍රීපෝෂ සමාගම නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන කඳාන පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇතැයි ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.

කඳාන ත්‍රීපෝෂ සමාගමේ වත්මන් තත්වය  සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ නිලධාරීන් සමග පැවැත් වූ සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

ත්‍රීපෝෂ නිෂ්පාදන ආයතනය  ඈවර කිරීමට පසුගිය ආණ්ඩුව තීන්දු කර තිබූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *