කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උතුරු, උතුරු-මැද, වයඹ, බටහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර පළාත්වල සහ මොනරාගල දිස්ත්‍රික්කයේ උණුසුම් කාලගුණය සඳහා උපදේශනයක් නිකුත් කර ඇත.
අප්‍රේල් 16 වන දිනට වලංගු වන උපදේශනයට අනුව, දිස්ත්‍රික්ක 21 ක සමහර ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වන තාප දර්ශකය ‘අවවාදයයි’ මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ ඇත.
එමනිසා, දිගු වේලාවක් නිරාවරණය වීමෙන් මිනිසුන්ට තෙහෙට්ටුව අත්විඳිය හැකි අතර, අඛණ්ඩ ක්‍රියාකාරකම් හේතුවෙන් තාප කැක්කුම ඇති විය හැක.


