Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

අපහාස කිරීම සම්බන්ධයෙජ් ජොන්ස්ටන් බිලියනයක් වන්දි ඉල්ලයි..

අපහාස කිරීම සම්බන්ධයෙජ්  ජොන්ස්ටන් බිලියනයක් වන්දි ඉල්ලයි..

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියර ගැන අසත්‍ය චෝදනා එල්ල කල දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැදවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවීමට කටයුතු කර ඇත.

20-02-2022 වන දින වසන්ත සමරසිංහ මහතා විසන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ….

·මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සහ රඹුක්කන දක්වා 20Km ක අදියරක කටයුතු සිදුකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබූ බවත් ,
·ඉහත කී ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් අනුමත කිරීම CANC ලෙස නම් කරන ලද කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා කමිටුවේ විෂය විෂයපථය යටතේ පවතින බවත්,
·එම ලංසු ඉදිරිපත් කර ඇත්තේ චීන සමාගමක් වන Metallurgical Corporation ( MCC ) සහ ශ්‍රී ලාංකික සමාගමක් වන Lanka Infrastructure Development Consortium ( LIDC ) යන සමාගම් දෙක විසින් බවත්,
·චීන සමාගමක් වූ MCC විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ඇමෙරිකානු ඩොලර් මිලියන 1050 ( රුපියල් බිලියන 210) වූ බවත් LIDC විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ඇමරිකානු ඩොලර් මිලියන 1872 ක ( රුපියල් බිලියන 374.4 ක ) වැඩි ලංසුවක් ඉදිරිපත් කර තිබී ඇති අඩු ලංසුව ප්‍රතික්ෂේප කොට වැඩි ලංසුව ඉදිරිපත් කර ඇති LIDC සමාගම වෙත CANC යන කමිටුව විසින් ලබා දී ඇති බවත්,
·ජොන්ස්ටන් ප්‍රනාන්දු CANC කමිටුවට අනිසි බලපෑම් සිදු කර එහි සාමාජිකයින් ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ MCC ලංසුව ඉවත් කර LIDC ලංසුවට පක්ෂව කටයුතු කර එමඟින් වංචාවක් සිදු කිරීමට කටයුතු කල බවත් ,
·එම මූල්‍ය වංචාව හරහා ශ්‍රී ලංකා රජයට සිදු වූ පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 164.4 ක් වන අතර එය කුප්‍රකට බැඳුම්කර වංචාව මෙන් දස ගුණයකටත් වඩා වැඩි බවත්…
·මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් මාගේ සේවාදායකයා ඉහත කී ව්‍යාපෘතිය සඳහා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර එම දැවැන්ත වංචාව සිදුකර ඇති බවත්.
·මාගේ සේවාදායකයා විසින් මෙම වංචාව සිදුකර ඇතැයි ප්‍රකාශ කිරීමේදී ගරු ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය රවටා සහ ඔහු නොමඟ යවා කටයුතු කර ඇති බවත්
·එම මාධ්‍ය සාකච්ඡාව ඔහුට අයත් නිල youtube නාලිකාවේ ප්‍රසිද්ධ කර එම සම්බන්ධතාවය ( Link ) ඔහුගේ මූහුණු පොත හරහා ප්‍රසිද්ධ කර ඇති බවත් එම ක්‍රියාව තුලින් මහජනතාවට එකී කරුණු වලට ප්‍රවේශ වීමට ඉඩ හැරීමෙන් ඉහත සඳහන් කරන්නට යෙදුනු ද්වේෂ සහගත සහ අපහාසාත්මක ප්‍රකාශයක් සඳහා මහජනතාව අතර ඉතා විශාල ප්‍රසිද්ධියක් ලබා දීම සඳහා කටයුතු කර ඇති බවත්

යනාදී ඔහු විසින් ගෙන ගිය ප්‍රචාරය අසත්‍ය සහ පදනම් විරහිත බවත් එයින් තමන්ගේ කීර්ති නාමයට හානි සිදු වූ බව පවසමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතිඥවරයා වශයෙන් කටයුතු කරන කසුන් වීරසේකර මහතා විසින් මෙම වන්දි මුදල දින 14 ක් ඇතුලත ඉල්ලා වසන්ත සමරසිංහ මහතාට එන්තරවාසියක් යවා ඇත.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *