Lk reports news sinhala

අනුර කුමාරගෙන් සජිත්ට හා ගෝඨාට අභියෝගයක්

ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට හැකිනම් වංචනිකයන්ට හා දූෂිතයන්ට දඬුවම් දෙන බව ප්‍රසිද්ධ වේදිකාවේ කියන්නැයි ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අභියෝග කරයි. ඒ පසුගියදා පැවැති ජාතික ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි. එමෙන්ම ජනතාවගෙන් හොරා කෑ සියලු දේපළ යළි ජනතාවට ලබාදෙන පාලනයක් ඇති කරන බවද ඔහු කියා සිටියේය.

“ අපි කියනවා පුළුවන්නම් කියන්න අපි හොරකම නතර කරනවා කියලා. රනිල් වික්‍රමසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක, කබීර් හෂීම් ඔක්කොම පිරිවරාගෙන සජිත්ට කියන්න පුළුවන්ද දඬුවම් දෙනවා කියලා. රාජපක්ෂගෙන් අයියා ආවත් මල්ලි ආවත් කියන්න පුළුවන්ද වංචනිකයන්ට දඬුවම් දෙනවා කියලා. අපේ රටට දේශපාලන වෙනසක් ඕන. වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දෙන පාලනයක් ඇති කළ හැක්කේ ජාතික ජන බලවේගය පෙරටු කරගත් පාලනයකින් පමණයි“ යනුවෙන් ද අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *