LK reports news sinhala

‘අන්තවාදී ත්‍රස්තවාදයට යළිත් ඉඩ නෑ‘ – ගෝඨාභය කියයි

තම රජයක් යටතේ නව පාලනයකදී අන්තවාදී ත්‍රස්තවාදයට නැවත හිස එසවීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සුරක්ෂිත සහ විනයගරුක රටක් බිහිකරන බවට තමා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇතැමුන් අසත්‍ය ප්‍රචාර පතුරුවා හරිමින් සිටින බවත් ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ පෞද්ගලික බස් රථ සේවා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය අමතමිනි.

එම අවස්ථාවට එක් වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ රට නැවතත් වැඩබිමක් බවට පත් කළ හැකි විනය ගරුක නායකයෙක් තමන් ඉදිරිපත් කර ඇති බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රගතිශීලි වෘත්තිය සමිති ජාතික මහා සම්මේලනයද ඊයේ (02) පෙවරුවේ කොළඹදී පැවති අතර එහිදී  වෘත්තිය සමිති ඉදිරිපත් කළ යෝජනාවලිය සම්මත කර ගැනිමද සිදුකෙරුණි.

මේ අතර ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අතර හමුවක්ද කොළඹදී පැවැත්විණි.

(Image – ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *