අන්තර්පළාත් බස් සේවා 26 දා සිට කි‍්‍රයාත්මක වන්නේ මේ ආකාරයෙන්

කොළඹ, ගම්පහ දිස්ති‍්‍රක්ක හැරුණු කොට, සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර්පළාත් බස් සේවා ලබන 26 වැනි අගහරුවාදා සිට ක්‍රියාත්මක කිරීමට මගී ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව අන්තර් පළාත් බස් රථ ධාවනය සෑම දිනකම අලූයම 04.30 ට ආරම්භ වන අතර සවස 06.00 වන විට අවසන් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ප්‍රධාන මාර්ග ඔස්සේ පැමිණෙන බස් රථ කොළඹ දක්වා ධාවනය නොකිරීමටයි එම සාකච්ඡාවේදි තීරණය කර ඇත්තේ. ඒ අනුව ප්‍රධාන මාර්ග 5ක් ඔස්සේ කොළඹට ළගා වූ අන්තර් පළාත් බස් රථ පහත නගරයන් වෙතට පමණක් ධාවනය වනු ඇත.

  • නුවර පාරේ පැමිණෙන බස් රථ – නිට්ටඹුව දක්වා.
  • මාර්ග අංක 05 ඔස්සේ කොළඹට පැමිණෙන බස් රථ – මිනුවන්ගොඩ දක්වා
  • ගාලූ පාර ඔස්සේ පැමිණෙන බස් රථ – පානදුර දක්වා
  • හයිලෙවල්/ලෝලෙවල් මාර්ග ඔස්සේ කොළඹට පැමිණෙන බස් රථ – අවිස්සාවේල්ල දක්වා
  • අනුරාධපුර/පුත්තලම/කුලියාපිටිය සිට මීගමු පාරෙන් කොළඹට පැමිණෙන බස් රථ – මීගමුව දක්වාත් පමණක් ධාවනය කිරීමටයි තීරණය වී ඇත්තේ.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණෙන බස් රථද කොට්ටාව දක්වා පමණක් ධාවනය කිරීම සිදු කරන බව මගී ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *