කුවේට් සිට මෙරටට පැමිණි 28 දෙනෙකුට කොරෝනා

අද (24) දිනයේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තා වී ඇති බවත්, එම ආසාධිතයින් සියළුම දෙනාම කුවේට් සිට මෙරටට පැමිණි අය බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

කුවේට් සිට පැමිණි එම රෝගීන් 28 දෙනාගෙන් 23 දෙනෙකු මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් පිරිසක් වන අතර අනෙක් 5 දෙනා කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අය බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකවෙන් කොරෝනා වෛරස ආසාදිතයන් 1117 දෙනෙකු හඳුනාගෙන ඇති අතර රෝගීන් 674 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *