අධිවේගී මාර්ගවල ආසන පටි නීතියෙන් ළමුන් ඇතුළු ඇතැම් පිරිසකට සහනයක්

අදාළ ගැසට් නිවේදනය යටතේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී අනිවාර්ය කර ඇති ආසන පටි පැළඳීමේ නීතියෙන් ඇතැම් මගීන් නිදහස් කර ඇති බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ කුඩා දරුවන් සහ උස අඩි 4යි අඟල් 6කට අඩු මගීන් සඳහා මෙම නීතිය අදාළ නොවන බවයි.

වෛද්‍ය උපදෙස් මත ආසන පටි පැළඳීමෙන් වැළකී සිටිය යුතු මගීන්ද එම නීතියෙන් නිදහස් කර ඇති බව ඔහු පැවසීය.

නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිස් නිලධාරීන් එවැනි තත්ත්වයන් සැලකිල්ලට ගෙන අදාළ සහනය ලබාදෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, ආසන පටි පැළඳිය නොහැකි දරුවන් සහ වෛද්‍ය හේතු මත ආසන පටි භාවිත කළ නොහැකි මගීන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට රියැදුරන් වගබලා ගත යුතු බව ඔහු අවධාරණය කළේය.

විශේෂයෙන් අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී එවැනි මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසද ඔහු රියැදුරන්ගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *