Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

අද සිට විශේෂ පරික්ෂා කිරීම් සඳහා සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් වැඩි වශයෙන් යොදා ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි

අද  සිට විශේෂ පරික්ෂා කිරීම් සඳහා සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් වැඩි වශයෙන් යොදා ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි

අද සිට මාර්ග බාධක සඳහා යුද හමුදාව සහ පොලිසියේ වැඩි පිරිසක් යොදා ගන්නා බවත්, විශේෂ පරික්ෂා කිරීම් සඳහා සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් වැඩි වශයෙන් යොදා ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

සංචරණ සීමා පැනවීම හා සමබන්ධයෙන් මාධ්‍යය වෙත කරුණු පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (24 දා ) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

ඒ අනුව 25 දින සිට සංචරණයේ යෙදෙන සියලු රථ වාහන විශේෂ පරික්ෂාවකට ලක් කෙරෙන බවත්, මෙම සංචරණ සීමා සමයේ අත්‍යාවශ්‍ය කටයුතු ලෙස සඳහන් කරමින් මත් ද්‍රව්‍ය ඇතුළු විවිධාකාර නීති විරෝධී කටයුතුවල නිරතවන පුද්ගලයන් සම්බන්ධයෙන් සෙවීමට විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
ඒ ආකාරයට නීති විරෝධී කටයුතු සිදු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි සෝදිසි මෙහෙයුම් මෙන්ම දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

යම් හෙයකින් අසනීප තත්වයක් යටතේ රෝහල් ගතවීමට හෝ ගැබිණි මව්වරු වැනි අයගේ අවශ්‍යතා සඳහා රෝහල් වෙත යාමට කිසිඳු බාධාවක් නොමැති බවත් එවැනි අවශ්‍යතා සඳහා යන්නේ නම් පෞද්ගලික වාහනයක් හෝ විශ්වාසවන්තම කුලී රථයක් යොදාගන්නා ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටී.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *