“More than 60 trains may get canceled tomorrow”

“අද දුම්රිය 60කට වැඩි ප්‍රමාණයක් අවලංගු විය හැක” – දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

අද (02) දිනයේදී දුම්රිය 60කට වැඩි සංඛ්‍යාවක් අවලංගු විය හැකි බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

2022 දෙසැම්බර් 31 වනදා සිට සමස්ත ශ්‍රම බලකායෙන් 500 කට ආසන්න දුම්රිය සේවකයින් විශ්‍රාම ගැනීම මෙම ගැටලුවට හේතු වී තිබේ.

“ඊයේ දුම්රිය ගමන් වාර 44ක් අවලංගු කිරීමට නියමිතව තිබුණා. මේ වන විට ගමන් වාර 7ක් අවලංගු කර ඇත. එය දෙගුණ තෙගුණ වීමට ඉඩ ඇත. හෙට එය 60 ත් 70 ත් අතර විය හැකියි” දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.

හෙට දිනයේ මගීන් දුම්රිය ස්ථාන වෙත පැමිණ දුම්රිය ධාවනය කරන ලෙස ඉල්ලා සිටීම නිසා ගැටුම් ඇති විය හැකි බව ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.

“මෙම තත්වය මාසයේ පළමු දිනයේ – වසරේ පළමු දිනයේ දී ඇති වන බව අපට නිසැකවම පැවසිය හැකිය. සේවා ස්ථාන වෙත යන මගීන්ට දැඩි ලෙස බලපෑම් එල්ල වෙනවා” ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය.

විශ්‍රාමික සේවකයන්ගේ සේවය අවශ්‍ය පරිදි කොන්ත්‍රාත් පදනම මත ලබා ගැනීමට ප්‍රතිපාදන මෙතෙක් සිදු කර නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“ඒ වගේම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය මඟහරවා ගැනීමට නව ස්ථානාධිපතිවරුන් බඳවා ගත්තත් ඔවුන්ගේ තනතුරු ස්ථිර කරලා නැහැ. මේ හේතුවෙන් නුදුරු අනාගතයේ දී මාතර සහ බෙලිඅත්ත අතර දුම්රිය ස්ථාන වසා දැමීමට සිදු විය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉදිරි සතිය තුළ ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *