පසුගිය ඔක්තෝබර් මස අතුරුදන් වූ තරුණියන් දෙදෙනෙකු මාතර ප්‍රදේශයේ රැඳී සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මෙලෙස සොයාගෙන ඇත්තේ ගලගෙදර සහ මාවතගම ප්‍රදේශවල පදිංචිව සිට අතුරුදන් වූ වයස අවුරුදු 18ත් 19ත් අතරේ පසුවන තරුණියන් දෙදෙනෙකි.
ඔවුන් දෙදෙනා පසුගිය ඔක්තෝබර් මාසයේදී සිය නිවෙස්වලින් අතුරුදන් වූ බවට වාර්තාවිය.
ඒ අනුව ලද පැමිණිලිවලට අනුව පොලිස් ස්ථාන විසින් තරුණියන් සොයා මෙහෙයුමක් ආරම්භ කළේය.
අදාළ මෙහෙයුම අතරතුරදී ඔවුන් මාතර උයන්වත්ත ප්‍රදේශයේ කුලී කාමරයක නැවතී සිට වෙළෙඳසැලක සේවයේ නිරතවෙමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව මාතර පොලීසිය විසින් අදාළ තරුණියන් දෙදෙනා අද (25) සිය භාරයට ගෙන ඇත.
පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉදිරියේදී අදාළ තරුණියන් දෙදෙනාගේ මව්පියන් මාතර පොලිස් ස්ථානය වෙත කැඳවා ඔවුන්ව භාරදීමට නියමිතව ඇති බවය.