කඩවත පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටියදි අතුරුදවු පොලිස් කොස්තාපල්වරයාගේ සිරුරු පන්නල, වේරහැර ප්රදේශයෙන් සොයා ගෙන තිබේ. මෙලෙස ඝාතනය වී ඇත්තේ 37හැවිරිදි කඩවත පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් රියදුරුවරයෙක්.
කඩවත පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටියදි අතුරුදවු පොලිස් කොස්තාපල්වරයා ඝාතනය කර ඇති බවට ලැබු තොරතුරු මත පසුගිය 18 දා පොලිස් කණ්ඩායම් 3ක් විසින් කුලියාපිටිය කංකානිමුල්ල කැලයේ සොදිසි මෙහෙයුම් සිදු කර තිබුණි.
මේ අතර පොලිස් කොස්තාපල්වරයා ඝාතනයට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයෙකුද අත්අඩංගුට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඔහු වීරකැටිය ප්රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙකි.
පසුගිය 16වනදා සිට මෙම පොලිස් නිලධාරියා අතුරුදන් වී ඇති බව වාර්තා වේ.