විශ්‍රාමික යුද හමුදා මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්න පෙබරවාරි මස 19 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළා.
අධිකරණයේ පවතින වෙනත් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් ඇති වන ආකාරයට විත්තිකරු කටයුතු කර ඇති නිසා ඇප මත මුදාහරිනු ලැබුවහොත් නැවත එම වැරැද්ද සිදු කළ හැකි බවට පෙනී යන නිසා ඇප ප්‍රතික්ෂේප කරන බව විනිසුරු විනිසුරු ධම්මික ගනේපොල මහතා අවධාරණය කරන ලදී.
හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට එරෙහිව පවතින නඩුවක් ඇතුළු තවත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු සම්බන්ධයෙන් මොහු මාධ්‍ය හමුවලදී විවෙච්නයට ලක්කර ඇති බව නීතිපතිවරයා චෝදනා කර සිටියි.
මෙම නඩුවේ ඉදිරියෙදී විභාගයට ගන්නා බවත්, පෙබරවාරි මස 19 දා කැදවීමේ දිනයක් ලෙසට යළි කැදවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.