අගමැතිනිය පොදු රද මඬුලු මහලේකම්වරිය හමු වෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ලන්ඩනයේ මාල්බරෝ මන්දිරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ මහලේකම් ෂර්ලි අයෝර්කෝර් බොච්වේ මහත්මිය හමුවිය.

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩලයේ 43 වන රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරිය එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර සිදුකරන නිල සංචාරය අතරතුර මෙම හමුව පැවැත්විණි.

අග්‍රාමාත්‍යවරිය පොදුරාජ්‍ය මණ්ඩලීය රාමුව තුළ දෙපාර්ශවය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා කළාය.

මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලය විසින් ලබා දෙන  සහයෝගයට කෘතඥතාව පළ කළ අතර, පොදුරාජ්‍ය මණ්ඩලයේ භූමිකාව සහ  කාර්යක්ෂමතාව තවදුරටත් ශක්තිමත් කරමින්  මහලේකම්වරිය ලබාදෙන නායකත්වය පැසසුමට ලක් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *