හෝමාගම මාළු වෙළඳසලක හිමිකරු කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ. ඒ අනුව හෝමාගම ප්‍රාදේශිය සභාවට අයත් වෙළෙඳ සංකීර්ණ පවත්වාගෙන ගිය මෙම වෙළෙඳසැළ අද (23) සිට වසා දැමීමට කටයුතු කර ඇත.
හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පවසන්නේ මාළු වෙළදසැල හිමිකුරුගේ පවුලේ අය සහ වෙළෙඳසැළේ සේවකයින් 17 දෙනෙකු ද මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවයි.
එම මාළු වෙළඳසල් හිමිකරු පෞද්ගලිකව කර ගත් පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයකු ලෙස තහවුරු වී තිබුණු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.