Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

හොරට ලියා­ප­දිංචි කරාට RMV නිල­ධා­රීන් 5කගේ විදෙස් ගමන් තහ­නම්

හොරට ලියා­ප­දිංචි කරාට RMV නිල­ධා­රීන් 5කගේ විදෙස් ගමන් තහ­නම්

‘මිනි කූපර්’ වර්ගයේ සුඛෝ­ප­භෝගි මෝටර් රථ­යක් ව්‍යාජ දත්ත ඉදි­රි­පත් කර­මින් ලියා­ප­දිංචි කර රජ­යට බදු ආදා­යම් අහිමි කළ සිද්ධි­යට අදාළ මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රින් 5 දෙනකු ඇතුළු හත් දෙන­කුගේ විදෙස් ගමන් තහ­නම් කර ඇති බව අල්ලස් කොමි­සම පව­සයි. 1994 අංක 20 දරන අල්ලස් හෝ දූෂණ සංශෝ­ධන පනත ප්‍රකා­රව මොවුන්ගේ විදෙස් ගමන් තහ­නම් කිරීමේ නියෝ­ගය නිකුත් කළ බවද එම කොමි­සමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකා­ශ­ක­යෙක් සඳ­හන් කළේය.

මෙලෙස විදෙස් ගමන් තහ­නම් කරනු ලැබ ඇත්තේ මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක වැඩ­ස­ට­හන් සම්පා­දක කුකු­ළේ­ගම කංකා­න­ම්ලාගේ රෝහිත සම­ර­වීර එහි සංව­ර්ධන සහ පර්යේ­ෂණ හිටපු කොම­සා­රිස් කළු­දේ­වගේ බන්දුල ජය­සිංහ, එම දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන සහ­කා­ර­ව­රුන් වන නීතිඥ මුණ­සිංහ ආර­ච්චිගේ උපුල් ප්‍රියන්ත ද සිල්වා, මුත්තුංග මුදි­ය­න්සේ­ලාගේ කේමන්ත මුත්තුංග, එහි ලිපි­කාරු නෙර­ළුව ගම­ගේ­වත්ත චන්න රෝහිත සහ ව්‍යාපා­රි­ක­යන් වන රන්දි මෝටර් හිමි­කරු දිසා­නා­යක මුදි­ය­න්සේ­ලාගේ ධර්ම­රත්න බණ්ඩා සහ ඔහුගේ බෑණ­නු­වන් වන වලි­සු­න්දර මුදි­ය­න්සේ­ලාගේ අජිත් කුමාර වලි­සු­න්දර යන අය­ගේය.

වර්ෂ 2017දී මෙර­ටට ගෙන්වූ ත්‍රිරෝද රථ­යක දත්ත ඉවත් කර ඒ වෙනු­වට 2015දී මෙර­ටට ආන­ය­නය කරන ලද ‘මිනි­කූ­පර්’ වර්ගයේ සුඛෝ­ප­භෝගී මෝටර් රථය ලියා පදිංචි කර රජ­යට අය විය යුතු රුපි­යල් ලක්ෂ විසි­ප­හක බදු මුද­ලක් අහිමි කළ බවට චෝදනා කර­මින් අල්ලස් කොමි­සම මෙම අය­ව­ලුන්ට එරෙ­හිව ඉකුත් 22 වැනි දා කොළඹ මහා­ධි­ක­ර­ණය හමුවේ අධි චෝදනා ගොනු­ක­ලේය.

රජ­යට බදු මුදල් වංචා කර­මින් මේ ආකා­ර­යෙන් ව්‍යාජ ලෙසින් ලියා­ප­දිංචි කරන ලද වාහන සංඛ්‍යාව පන්ද­හ­ස­කට ආසන්න බවට හඳු­නා­ගෙන ඇති බවත්, ඉන් සුඛෝ­ප­භෝගී වාහන 200කට අධික සංඛ්‍යා­වක් මේ වන විට හඳු­නා­ගෙන ඇති බවත්, අල්ලස් කොමි­සම පව­සයි. රුපි­යල් බිලි­යන ගණ­නින් රජ­යට බදු ආදා­යම අහිමි කර­මින් සිදු කරන මෙම මහා පරි­මාණ වංචාව සංවි­ධා­නා­ත්මක ආකා­ර­යෙන් සිදු­ක­රන ලද්දක් බවත් මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සමේ බුද්ධි අංශ විම­ර්ශන ආරම්භ කර ඇති බවත් එම කොමි­සම වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *