Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

ඉඩම් කොමි­සමේ ටී ෂර්ට් ඇඳන් මුදල් ගරන්න ආ කල්ලියේ ටෙලි අධ්‍ය­ක්ෂ­ව­රයෙක් හා කාන්තාවන් දෙන්නෙක්

ඉඩම් කොමි­සමේ ටී ෂර්ට් ඇඳන් මුදල් ගරන්න ආ කල්ලියේ ටෙලි අධ්‍ය­ක්ෂ­ව­රයෙක් හා කාන්තාවන් දෙන්නෙක්

ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­සන් සභාවේ නිල­ධා­රීන් ලෙස පෙනී සිටි­මින් රජයේ ඉඩම් ලබා දිය හැකි බව පව­ස­මින් කුරු­ණෑ­ගල රිදී­ගම සහ දොඩ­ම්ග­ස්ලන්ද ප්‍රදේ­ශයේ ජන­තාව රවටා මුදල් ලබා ගැනීමේ වංච­නික ක්‍රියා­වක නිරත වූ කල්ලි­යක සාමා­ජි­ක­යන් පිරි­සක් බවට සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් හය දෙනෙකු ලබන මස පළ­මු­වැ­නිදා දක්වා රිමාන්ඩ් භාර­යට පත් කිරී­මට රම්බො­ඩ­ගල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය නියම කළේය. ටෙලි නාට්‍ය අධ්‍ය­ක්ෂ­ව­ර­යකු බව කියන පුද්ග­ල­යෙකු සමඟ කාන්තා­වක් දෙදෙ­නෙකු ඇතුළු පිරි­සක් රිමාන්ඩ් භාර­යට පත් කෙරිණි.

මාව­ත­ගම පිලැස්ස බොර­ල­න්කඩ ජය­සු­න්දර මායා­දුන්න බණ්ඩාර, ඉබ්බා­ග­මුව බක්මී­ගොල්ල කුසල් රාජිත වෙල­ගෙ­දර, කුරු­ණෑ­ගල යන්ත­ම්ප­ලාවේ සිරි­දුර වීර­සිංහ, කෘෂි පර්යේ­ෂණ නිල­ධා­රි­යෙකු ලෙස සේවය කරන මහ­වෙල තැඹි­ලි­දෙ­ණියේ කේ.එම්.වික්‍ර­ම­සිංහ, පොතු­හැර බැවි­ල්ග­මුවේ චාමිනී ප්‍රිය­ද­ර්ශනී ඉබ්බා­ග­මුව සහ මුළු දිව­යි­න­ටම සාම­දාන විනි­සු­රු­ව­රි­යක වන දොඩ­ම්ග­ස්ලන්ද වර­කා­වැ­හැර මධූ­ෂානී සම­ර­කෝන් යන අය රිමාන්ඩ් භාර­යට පත් කෙරිණි. මධූ­ෂානී සම­ර­කෝන් නමැ­ත්ති­යට මෑත­කදී දේශ­මාන්‍ය නමින් ගෞරව නාම­යක්ද ලැබී ඇති බව ද කියයි. ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­සන් සභාවේ නිල­ධා­රීන් පිරි­සක් ලෙස පෙනී සිට ඇති සැක­ක­රු­වන් දිස්ත්‍රි­ක්කයේ ඇති කොමි­සන් සභා­වට අයත් රජයේ ඉඩම් අඩු මිල­කට ලබා දිය හැකි බවට රම්බො­ඩ­ගල්ල මොන­රා­ගල විහා­ර­ස්ථා­නය වෙත ප්‍රදේ­ශයේ ජන­තාව කැඳවා පවසා තිබෙන බව පැමි­ණිල්ල අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ රිදී­ගම පොලී­සිය සඳ­හන් කළේය.

පසුව මේ පිරිස පිළි­බ­ඳව සැක සිතූ රැස්ව සිටි පිරි­සෙන් කෙනෙකු ඉඩම් අමා­ත්‍යාංශ ලේකම් බුව­නෙක හේරත් මහ­තාට ඒ බව දැනුම්දී ඇති බව ද ඒ අනුව මොවුන් පිළි­බ­ඳව තොර­තුරු සොයා බැලූ අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා මෙම පිරිස ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­සන් සභාවේ නමින් පෙනී සිටින වංච­නි­ක­යන් පිරි­සක් බවට හඳු­නා­ගෙන ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් සිදු කරන ලෙස දැනුම් දුන් බව ද පොලී­සිය සඳ­හන් කළේය.

සැක­ක­රු­වන් ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­සන් සභාවේ නාමය සඳ­හන් ටී ෂර්ට් වලින්ද සැරසී සිටි­මින් මෙම වංච­නික ක්‍රියා­වෙහි නිර­තව සිටි බව ද දිව­යි­න­ටම සමා­දාන විනි­සුරු තන­තු­රක් හිමි සැක­කා­රිය මෙම කණ්ඩා­යම මෙහෙ­යවා ඇති බවද පොලී­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. මොවුන් මේ ආකා­ර­ය­ටම තවත් ප්‍රදේ­ශ­වල ජන­තාව රවටා මුදල් ලබා ගැනීමේ වංච­නික ක්‍රියා­වල නිර­තව ඇත්දැයි වැඩි දුර­ටත් විම­ර්ශ­නය කර­මින් සිටින බවද පොලී­සිය කියා සිටි­යේය.

ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­සන් සභාවේ නාමය සඳ­හන් ස්ටිකර් ප්‍රද­ර්ශ­නය කර­මින් සැක­ක­රු­වන් පිරිස පැමිණ තිබූ වෑන් රථ­යක් සමඟ යතුරු පැදි­යක් ද පොලී­සිය භාර­යට ගෙන තිබේ.

වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති කිත්සිරි ජය­ලත් කුරු­ණෑ­ගල දිසාව බාර නියෝජ්‍ය පොලි­ස්පති සුදත් වෙද­මුල්ල මහ­ත්ව­රුන්ගේ උප­දෙස් අනුව කුරු­ණෑ­ගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි උපුල් චන්දන අබේ­සිංහ මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ රිදී­ගම පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක හේමන්ත සුබ­සිංහ මහතා වැඩි­දුර විම­ර්ශන සිදු කරයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *