Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

හිටපු හම්බන්තොට නගරාධිපතිට සජිත්ගෙන් ලැබුණු අමුතුම දුරකථන ඇමතුම ගැන හෙළිදරව්වක්

හිටපු හම්බන්තොට නගරාධිපතිට සජිත්ගෙන් ලැබුණු අමුතුම දුරකථන ඇමතුම ගැන හෙළිදරව්වක්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිරීක්ෂණය කිරිමට 2014 අප්‍රේල් 17 දා  හම්බන්තොට වරායට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදී එළවා නොදැම්මේ  ඇයිදැයි, එවකට එක්සත් ජාතික පක්ෂයේ  හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ජනාධිපති  අපේක්ෂක  සජිත් ප්‍රේමදාස මහතා  සිද්ධිය  වූ  දිනට පසුදින  දුරකථන ඇමැතුමක් ලබා දී තමාගෙන් විමසූ බව හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා හම්බන්තොට දී  පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ හම්බන්තොට නගරයේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති මැතිවරණ කාර්යාලය විවෘත කිරීමෙන් පසු පැවැති රැස්වීමකදීය.

“හම්බන්තොට  ජාත්‍යන්තර  වරායේ එදා වූ  සිද්ධිය මිරිජ්ජවිල  ජනතාවත් හම්බන්තොට වරායේ සේවය කළ  අයත් හොඳට දන්නවා. මම සී . අයි. ඩී  එකට  කියනවා  මගේ දුරකතන  වාර්තා ගන්න. ඒ සිදුවීම  වූ දිනට පසුදා එනම් අප්‍රේල් 18 උදෑසන සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කරලා මට කිව්වේ ‘එරාජ් මොකටද ඔය මන්ත්‍රීවරු බේරුවේ  මටත් නොකිය හම්බන්තොටට ආවේ. අපරාදේ ගහල එළවන්න තිබුණේ‘ කියලා.

නවීන තාක්ෂණය මගින් දුරකථන වාර්තා අරගෙන මට කතා කළේ කාගේ දුරකතනයෙන්ද එය සොයාබලා විස්තර ගන්න කියලා මම කියනවා. අරගෙන බලන්න සජිත් ප්‍රේමදාස මට මොනවාද කිව්වේ කියලා. මේක නැහැ කියල  කියනවා නම් මම සජිත් ප්‍රේමදාසට  අභියෝග කරනවා හම්බන්තොටට ඇවිල්ල කියන්න එදා මම එරාජ්ට එහෙම කතාවක් කිව්වේ නැහැ කියලා‘ යනුවෙන්ද හිටපු නගරාධිපතිවරයා පැවසීය.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *