හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයටම යට වීමෙන්  මිය ගිය බව වරාය පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ ලුණුගම්වෙහෙර දකුණු ඉවුර ජනඋදාන ගම්මානයේ පදිංචිව සිටි අයකු බව පොලීසිය කියයි.

මියගිය පුද්ගලයා සිමෙන්ති සෑදීම සදහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය තොගයක් වීල් ලෝඩරයකින් ලොරි රථවලට පටවන අවස්ථාවේදී අමුද්‍රව්‍ය තොගය වීල් ලෝඩරය මතට පතිත වී ඇති බවත් ඊට මොහු යටවී ඇති බවත් පොලීසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ අසල සිටි ලොරි රථ රියදුරන් විසින් තුවාල කරු හම්බන්තොට රෝහලට රැගෙන ගොස් තිබුණු අතර ඒ වන විටත් ඔහු මිය ගොස් තිබුණු බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

අනතුර සම්බන්ධයෙන් වරාය පොලීසිය විසින් පරීක්ෂණ පවත්වන අතර හෙට දින මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *