Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

හබරාදූව ප්‍රදේශයෙන් ආසාදිතයින් සංඛ්‍යාව 130 ක්

හබරාදූව ප්‍රදේශයෙන් ආසාදිතයින් සංඛ්‍යාව 130 ක්
මෙරටින් ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස ගාල්ල, හබරාදූව ප්‍රදේශයෙන් වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 130 ක්. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 281 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් ඊයේ දිනයේද වැඩිම ආසාදිතයින් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 555 ක්. ඉන් වැඩිම පිරිස වන 126 දෙනෙකු පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ. ඊට අමතරව මොරටුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 42 ක්, මහරගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 35 ක් සහ ගල්කිස්ස හා බොරලැස්ගමුව යන ප්‍රදේශවලින් ආසාදිතයින් 33 දෙනා බැගින් වාර්තා වී තිබෙනවා. හෝමාගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 28 ක් සහ හංවැල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 23 ක් ඊයේ දිනයේ වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 236 ක් වාර්තා වී තිබෙනවා. ඊට ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 36 දෙනෙකු සහ වත්තල ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 26 දෙනෙකු ද ඇතුළත්.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද ඊයේ දිනයේ ආසාදිතයින් 218 ක් වාර්තා වී තිබෙනවා.

ඊට කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 69 දෙනෙකු සහ කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වූ 43 දෙනෙකුද අයත්.

මේ අතර පානදුර දකුණ ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයින් 55 දෙනා සමගින් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් ගණන 211 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 99 ක්. ඊට අමතරව මාතර සහ මාතලේ දිස්ත්‍රික්ක දෙකෙන්ද ආසාදිතයින් 79 දෙනා බැගින් වාර්තා වුණා. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 73  ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71 ක්  ඊයේ වාර්තා වුණා. මුලතිව් දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ වාර්තා වූයේ එක් ආසාදිතයෙකු පමණයි. කෙසේවෙතත් අනෙකුත් දිස්ත්‍රික්කවලින්  ආසාදිතයින් දස දෙනාට වැඩි පිරිස බැගින් වාර්තා වුණා.

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන එක් ලක්‍ෂ 38,085 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේවෙතත් ඉන් එක් ලක්‍ෂ 10,108 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 27,054 ක්. ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා මරණ 29 ත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 923 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *