Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

‘සෞම්‍ය ලියනගේට’ යළිත් තනතුර හිමිවේ

‘සෞම්‍ය ලියනගේට’ යළිත් තනතුර හිමිවේ

සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන ලද සෞම්‍ය ලියනගේ යළිත් මහාචාර්ය තනතුරේ පිහිටුවනු ලැබ තිබෙනවා.

නාට්‍ය හා නර්තන පීඨයේ මහාචාර්යවරයාව සිටි සෞම්‍ය ලියනගේ මහාචාර්ය තනතුරින් ඉවත් කර ස්ථිර ආචාර්ය මණ්ඩලයෙන්ද ඉවත් කිරීමට හිටපු උපකුලපති මහාචාර්ය අබේරත්න බණ්ඩාර ඇතුළු පාලක සභාව පියවර ගත්තේ ඉකුත් සැප්තැම්බර් මස 22 වැනිදායි.

මහාචාර්යවරයා ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව වත්මන් උපකුලපති මහාචාර්ය රෝහණ පී. මහලියනාරච්චි පාලක සභාවට කරුණු ඉදිරිපත් කර තිබූ අතර ඉන්පසු ඒ පිළිබඳ සොයා බලා කරුණු ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය නීති පීඨයේ මහාචාර්ය ප්‍රතිභා මහානාම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. කේ. ඩී. එස්.රණවීර හා සබරගමුව විශ්වවිද්‍යාලයේ හිටපු ලේඛකාධිකාරී නීතිඥ එම්. එම්.විමලසිරි එම කමිටුවට අයත් වුණා.

කමිටු නිර්දේශය මත සෞම්‍ය ලියනගේට යළි මහාචාර්ය ධුරය ලබාදීමටත්, නාට්‍ය හා නර්තන පීඨයේ ආචාර්යවරයකු ලෙස සේවයේ පිහිටුවීමටත් පියවර ගත් බව උපකුලපතිවරයා සඳහන් කළා.

තමන් ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව මහාචාර්යවරයා අධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබෙනවා.

ඔහුට මහාචාර්ය ධුරය අහිමි කර තිබුණේ නියමිත දිනට පශ්චාත් උපාධි සුදුසුකම් සපුරා නොමැති බව සඳහන් කරමිනි. විශ්වවිද්‍යාලය එම පියවර ගත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කළ දැනුම් දීමකට අනුවයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *