Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

පාසල් සහ දිවාසුරකුම් මධ්‍යස්ථාන ‘ආරම්භ කරන දවස’ නිවේදනය කෙරේ

පාසල් සහ දිවාසුරකුම් මධ්‍යස්ථාන ‘ආරම්භ කරන දවස’ නිවේදනය කෙරේ

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල “සියලු පාසල්වල ප්‍රාථමික අංශය“ හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වන දා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසනවා.

අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ද ජනවාරි 11 වන දින සිට ආරම්භ කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“අපේ අදහස බස්නාහිර පළාතේ පාසල් විවෘත නොකළ යුතුයි කියන එකයි. කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පාසල් වහාම විවෘත කළ හැකි තත්ත්වයක් නෑ. ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශවල හුදකලා කර තිබෙන පොලිස් වසම් තුළ පිහිටා තිබෙන පාසල් දැනට විවෘත කිරීම යෝග්‍ය ක්‍රියාමාර්ගයක් ලෙස අපි දකින්නේ නෑ. මේ තත්ත්වය දවස් 10කට වරක් සමාලෝචනය කරලා. සෞඛ්‍ය තත්ත්වය අනුව හැකිතාක් ඉක්මනින් ඒ ප්‍රදේශවල පිහිටා තිබෙන පාසලුත් විවෘත කිරීමට අපි දැඩි උත්සහයක් ගන්නවා. මේ වසරේ නොවැම්බර් 23 වන දා සෙසු ප්‍රදේශවල පාසල් වන 6 – 11 ශ්‍රේණි අපි විවෘත කළා. ඒ පාසල්වල ප්‍රාථමික පන්ති ඒ කියන්නේ 1 – 5 දක්වා 2021 ජනවාරි 11 වන දා විවෘත කිරීම තීරණය කළා. බස්නාහිර පළාත හා හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල පෙර පාසල් ද ජනවාරි 11 විවෘත කෙරේ. “

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *