Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

“සිරගතව සිටිය යුතු ගලගොඩඅත්තේ ඥානසාර හිමි අතුරුදන්” – බන්ධනාගාර නිලධාරීන් විහාරස්ථානයට

“සිරගතව සිටිය යුතු ගලගොඩඅත්තේ ඥානසාර හිමි අතුරුදන්” – බන්ධනාගාර නිලධාරීන් විහාරස්ථානයට

බොදු බල සේනා (BBS) සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2019 වසරේදී හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව අවලංගු බව තීන්දු කිරීමෙන් අනතුරුව, උන්වහන්සේ යළි බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් නාවල, රාජගිරියේ පිහිටි උන්වහන්සේ වැඩවසන විහාරස්ථානය වෙත ගොස් ඇති බව Sunday Island පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත්, විහාරස්ථානයේ වැඩවසන අනෙකුත් භික්ෂූන් වහන්සේලා බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇත්තේ ඥානසාර හිමියන් සිටින ස්ථානය පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවයි.

2019 මැයි මාසයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව ලබාදෙන අවස්ථාව වන විට, ඥානසාර හිමියන් සිය වසර හයක සිරදඬුවමෙන් ගත කර තිබුණේ මාස නවයක පමණ කාලයක් පමණි.

ඒ අනුව, ජනාධිපති සමාව අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟ උන්වහන්සේට මුල් වරට නියම වූ වසර හයක සිරදඬුවමෙන් වැඩි කොටසක් නැවත ගත කිරීමට සිදුවිය හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් 2019 වසරේ ලබාදුන් ජනාධිපති සමාව අත්තනෝමතික එකක් බවත්, එමගින් මහජන විශ්වාසය සහ ස්වභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය වී ඇති බවත් තීන්දු කර තිබේ.

ඥානසාර හිමියන්ට වසර හයක සිරදඬුවම නියම වී තිබුණේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් අනතුරුවය. එම සිරදඬුවම ගත කරමින් සිටියදී 2019 මැයි මාසයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදී තිබිණි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *