සාවද්‍ය ප්‍රචාර බිඳ හෙලමින් කොරෝනා පිළිඹද ඇත්ත තත්වය හෙට පෙරවරු 10ට

කොරෝනා වෛරසයට අදාළව සමාජ මාධ්‍ය හා විවිධ මාධ්‍ය මගින් විවිධ කණ්ඩායම් මඟින් සිදු කරන විකෘති කරන ලද හා සාවද්‍ය ප්‍රචාර මුළුමනින්ම බිඳ හෙළමින් රාජ්‍ය බුද්ධි අංශ මඟින් සැකසූ නිවැරදි තොරතුරු අඩංගු වාර්තාවක් හෙට (02) උදෑසන 10.00ට සියලුම මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට මේ වන විට කටයුතු යොදා ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති, බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් කොරෝනා වෛරසයේ ආරම්භයේ සිට මේ දක්වා සිදු කරන ලද කොරෝනා මැඩපැවැත්වීමේ ක්‍රියාන්විතයේ සියලු තතු ඇතුළත් කොට රාජ්‍ය බුද්ධි අංශ මඟින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යාත්මක දත්ත විග්‍රහය පිළිබඳව මහජනතාව ද දැනුම්වත් විය යුතු බවට ඒකමතිකව තීරණය කළ බැවින් පළමු රෝගියා හඳුනා ගැනීමේ සිට මේ මොහොත දක්වා සියලුම ක්‍රමවේදයන් පිළිබඳ සංඛ්‍යා දත්ත සහිත විශ්ලේෂණාත්මක විග්‍රහයක් එහිදී සිදු කරනු ඇතැයි ඊයේ (30) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *