Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

සමාජ මාධ්‍යවල සැරිසරන කාන්තාවන්ට අනතුරු ඇගවීමක්

සමාජ මාධ්‍යවල සැරිසරන කාන්තාවන්ට අනතුරු ඇගවීමක්

සමාජ මාධ්‍යවල නවතම Strong Gorgeous Women රැල්ල හේතුවෙන් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය අවදානමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් නිවේදනයක් නිකුත් කරමින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ කියා සිටී.

මේ දිනවල සමාජ මාධ්‍ය අඩවිවල සිටින කාන්තා පරිශීලකයන් අතර #strongGorgeouswomen නම් අභියෝගයක් ලැව් ගින්නක් සේ පැතිර යන අතර සමාජ මාධ්‍යවල සිටින සෑම කාන්තාවක්ම පාහේ එය රැල්ලට සිදුකරන ආකාරයක් දක්නට ලැබේ. යම් සමාජ මාධ්‍ය පරිශිලක කාන්තාවක් ඇයගේ ඡායාරූපයක් ඉහත සදහන් #ටැග් යටතේ සමාජ මාධ්‍ය වෙබ් අඩවියක පළකළ විට එම ඡායාරූපය එම #ටැග් හරහා ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමෙන් පිටත සිටින වෙනත් පුද්ගලයෙකුට පවා නැරඹීමේ හැකියාවක් පවතී.

විශේෂයෙන්ම මෙවැනි සමාජ මාධ්‍ය නව ප්‍රවණතා හදුනාගනිමින් දත්ත එක්රැස් කිරීම් සිදුකරන කණ්ඩායම් වලට ඉතා පහසුවෙන් ඔබ විසින් ඉහත සඳහන් ටැගය භාවිතා කරමින් සමාජ මාධ්‍ය අඩවි වෙත මුදාහරින ලද ඡායාරූපය සහ ඔබගේ ගිණුම් නාමය ලබාගත හැකි අතර එම දත්ත පසුකාලීනව දත්ත රැස් කරගන්නා පාර්ශව විසින් වෙනත් වෙබ් අඩවිවල පලකිරීමේ හැකියාවක් පවතී.

එසේ ඔබගේ ඡායාරූපයක් වෙනත් වෙබ් අඩවියක පල වුවහොත් ඒවා ඉවත් කරගැනීම ඉතා අසීරු ක්‍රියාවක් වන බැවින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට විටින් විට පැමිණෙන මෙවැනි ප්‍රවණතා අනුකරණයට යාමේදී බුද්ධිමත්ව කටයුතු කරන්න යැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ට එම නිවේදනයෙන් දැනුම් දී ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *