සමඟි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරි සති දෙක ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ඒ අනුව සමඟි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇති වෙනස මේ රටේ ජනතාව වෙත පෙන්නුම් කෙරෙන බවත් මෙම ලියවිල්ලට අදාළ මුලික අදියරේ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටි.
එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව සිටි බහුතරයක් සමඟි ජනබලවේගයට සහාය ලබා දීමට සම්බන්ධවී සිටින බව පවසන ඒ මහතා ජ්‍යෙෂ්ඨයන්ගේ තීරණයවි ඇත්තේ මෙම පක්ෂ දෙක අතර වෙනස ජනතාවට පෙන්වාදිය යුතුව ඇති බවයි. ඒ අනුව මෙම පක්ෂ දෙක අතර වෙනස පෙන්වීමට අදාළව සිය ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරි සති දෙක ඇතුළත දී ප්‍රකාශයට පත්කිරීමට සමඟි ජනබලවේගය පක්ෂය තීරණය කර ඇති බවත් ඔහු පවසයි.