සමගි ජන බලවේගයට දයාසිරි සමඟ ප්‍රශ්නයක් නැහැ: මන්ත්‍රී චතුර

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂයේ නොවන බැවින් සමගි ජන බලවේගයට කිසිදු ගැටලුවක් නොමැති බව සමගි ජන බලවේගයට  පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගල්ලප්පත්ති මහතා ප්‍රකාශ කළේය.

“ජයසේකර මන්ත්‍රීවරයා 2024 මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ සමගි ජන සන්ධානය යටතේයි. ඔහු සමගි ජන බලවේගයේ කිසිදු තනතුරක් දරන්නේ නැත. එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් ද නොවේ. ඊට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟත් හොඳ හිතවත්කමක් තියෙනවා,” ගල්ලප්පත්ති මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී පැවසීය.

ජයසේකර මන්ත්‍රීවරයා පසුගිය වසරේ සිට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රීලනිපය, එක්සත් ජනරජ පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *