Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

සංචරණ සීමා පැනවීම් කාල සීමා තුළදී ඇති වන ගැටළු විමසීමට සහ දැනුම් දීමට දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවයි

සංචරණ සීමා පැනවීම් කාල සීමා තුළදී ඇති වන ගැටළු විමසීමට සහ දැනුම් දීමට දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවයි
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක ම සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළදී  මුහුණ පෑමට සිදුවන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවා ඇත.

එම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන අරලියගහ මන්දිරයේ පිහිටුවා ඇති ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධස්ථානය සමඟ සම්බන්ධ කර ඇත. ප්‍රධාන මෙහෙයුම් මධස්ථානය අග්‍රාමාත්‍ය ලේකම්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

මහජනතාවට යම් ගැටළුවක් ඇත්නම්, ඔහු පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් විසඳා ගත හැකිය.

එම දිස්ත්‍රික් මධ්‍යස්ථානවල නිලධාරීන්ට එම ගැටළුව විසඳිය නොහැකි වන අවස්ථාවලදී එම නිලධාරීන්ට ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයට දැන්වීමෙන් එය විසඳා ගැනීමට අවස්ථාව සලසා ඇත.

එක් එක් දිස්ත්‍රික්කවල පිහිටුවා ඇති දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත වන අතර, ඔවුන්ගේ කාර්යාලයීය හා ජංගම දුරකථන අංක පහත දක්වා ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *