Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට එක්වන එක්දින කණ්ඩායම ප්‍රකාශයට පත් කෙරේ, නායකත්වයට කුසල් ජනිත්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට එක්වන එක්දින කණ්ඩායම ප්‍රකාශයට පත් කෙරේ, නායකත්වයට කුසල් ජනිත්ට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය සදහා එක්වන එක්දින කණ්ඩායම අද ප්‍රකාශයට පත් කෙ‍රිණි.
ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂගේ අනුමැතිය හිමිව ඇති එම සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්ය.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයට කුසල් ජනිත් පෙරේරා පත් කර ඇති අතර, උප නායකයත්වය ලබාදී ඇත්තේ කුසල් මෙන්ඩිස්ටයි.
චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු සහ ශිරාන් ප්‍රනාන්දු ද ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැදවා තිබේ.
ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, දසුන් ශානක, අෂේන් බණ්ඩාර සහ වනිදු හසරංගද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ය.
ඉසුරු උදාන, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, දුෂ්මන්ත චමීර, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු සහ ලක්ෂාන් සදකැන්ටද ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාන හිමිව ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 16 වනදා බංග්ලාදේශ බලා පිටත්ව යාමට නියමිත අතර දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය මේ මස 23 වනදා ඩකා හිදී පැවැත්වීමට නියමිතයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *