Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ 10 වන විධායක ජනාධිපති දිලිත් ජයවීර?

ශ්‍රී ලංකාවේ 10 වන විධායක ජනාධිපති දිලිත් ජයවීර?

කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවති සර්වජන බලය මැයි දින රැලිය අමතමින් එම පක්ෂයේ ජාතික සංවිධායක මෙන්ම හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේ 10 වන අභිමානවත් විධායක ජනාධිපතිවරයා ලෙස ප්‍රකට ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පත්වනු ඇති බවයි.

එම මැයි දින සැමරුම් උළෙලට එක්වෙමින් සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා වත්මන් රජය දැඩි ලෙස විවේචනයට ලක් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලනයට තවදුරටත් අනාගතයක් නොමැති බවත්, වත්මන් ආණ්ඩුව ඉතා කෙටි කාලයක් තුළ මෙරට විශාලතම දූෂණ සිදුකර ඇති බැවින් ඔවුන්ට තවදුරටත් අදූෂිත බවක් ගැන කතා කළ නොහැකි බවත් ඔහු අවධාරණය කළේය. මෙවර මැයි දිනය අතිශය ඛේදජනක පසුබිමක් යටතේ සැමරීමට සිදුව ඇති බව පැවසූ ඒ මහතා, හැකර්වරුන් විසින් ඩොලර් මිලියන ගණනක් සොරාගැනීමේ සිද්ධියක සත්‍යය හෙළිකළ මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙකු අබිරහස් ලෙස මියයාම ඊට නිදසුනක් ලෙස පෙන්වා දුන්නේය.

දියුණු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමින් රට හැරයාමට සිතන තරුණ පරපුරට නව බලාපොරොත්තුවක් ලබාදීම සහ කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් ගැළපෙන ආර්ථික, දේශපාලනික පරිසරයක් නිර්මාණය කිරීම සිය පක්ෂයේ අරමුණ බව දිලිත් ජයවීර මහතා පැවසීය. සර්වජන බලය පක්ෂය අනිවාර්යයෙන්ම ඉදිරියේදී බලය ලබාගන්නා බවට දැඩි විශ්වාසය පළකළ නායකයා, රටට ආදරය කරන සියලු පාර්ශ්ව කොන්දේසි විරහිතව එක්කර ගනිමින් වත්මන් ආණ්ඩුව සහ එයට සහය දක්වන බලවේග පරාජය කරන බවට ප්‍රතිඥා දුන්නේය. ජනතාවට සත්‍යය අවබෝධ කරදීම සඳහා දත්ත සහ කරුණු සහිතව ගමට ගොස් ජනතාව දැනුවත් කරමින් ඔවුන්ව අභිප්‍රේරණය කරන ලෙස ඔහු සිය පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *