Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවට ලබාදීමට ඇති IMF ක්ෂණික ණයට චීනය විරුද්ධත්වය පායි.

ශ්‍රී ලංකාවට ලබාදීමට ඇති IMF ක්ෂණික ණයට චීනය විරුද්ධත්වය පායි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ක්ෂණික ණය පහසුකමක් (RFC) ලබා ගත නොහැකිව ඇත්තේ මෙරටට ණය ලබා දී ඇති ප්‍රධානම ණය හිමියන්ගේ එකඟතාවක් නොමැති නිසා බව වොෂින්ටනයෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති ප්‍රධානම පාර්ශ්ව දෙක වන්නේ ඉන්දියාව සහ චීනයයි. ශ්‍රී ලංකාවට කඩිනමින් සහන සලසන ලෙස ඉන්දියාව මේ වන විටත් නිල වශයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ඉල්ලීමක් කර ඇති නමුත් චීනය මෙතෙක් තම පාර්ශ්ව විසින් ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමකට කැමැත්ත පළ කර නොමැත.

පසුගිය අප්‍රේල් 18 වැනිදා වොෂින්ටනයේදී මුදල් ඇමැති අලි සබ්‍රි ඇතුළු පිරිස මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග සාකච්ඡා ආරම්භ කළ අතර එහිදී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීමක් වූයේ IMF විසින් ප්‍රධාන ණය වැඩසටහන ක්‍රියාත්මක කරනතුරු මෙරටට ක්ෂණික ණය මුදලක් (RFC) ලබා දෙන ලෙසයි. එහිදී IMF විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධානම කොන්දේසියක් වූයේ RFC පහසුකම ලබාදීමට නම් ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගෙන ඇති විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන්ණය හිමියන් විසින් පිළිගත් වැඩසටහනක් පළමුව සකස් කළ යුතුය යන්නයි. එසේම සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති ප්‍රධාන පාර්ශ්ව එකඟවිය යුතු බවද එහිදී IMF විසින් පෙන්වා දී ඇත.

IMF මෙම කොන්දේසිය සම්බන්ධයෙන් චීනය මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වෙනුවට එම ණය ගෙවා දැමීම නව ණය මුදලක් ලබා දීමට පමණක් එකඟතාව පළ කර තිබේ. පසුගිය අප්‍රේල් 21 වැනිදා විදේශ ඇමැති මහාචාර්ය ජී.ඇල්. පීරිස් කොළඹ චීන තානාපති චී චෙන්ග්හොන්ග් හමුවී සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කර දෙන ලෙසට විශේෂ ඉල්ලීමක්ද කළ නමුත් එහිදීද තානාපතිවරයා ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත.

ඉහත හමුවෙන් අනතුරුව විදේශ ඇමැතිවරයා රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවට IMF වෙතින් ණය පහසුකමක් ලබා ගැනීමට තවත් මාස 06ක් පමණ කාලයක් ගත වනු ඇති බවයි. මේ අතර සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනක් තවත් දින 20ක් පමණ ඇතුළත සකස් කරන බව මුදල් ඇමැති අලි සබ්‍රි වොෂිටන්යේදී ප්‍රකාශ කර ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *