Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා මණ්ඩල සැසිවාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයිනාමල්ගේ මෙහෙයවීමෙන් සතියට දින පහක් පොහොට්ටුව ගම් බසියි: ඉටුනොකළ ඡන්ද පොරොන්දු සහ දූෂණ ගැන ජොන්ස්ටන්ගෙන් සංවිධායකයින්ට විශේෂ උපදෙස්දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක නැවියෙකුට අනතුරක්: නාවික හමුදාවෙන් මැදියම් රැයේ ක්ෂණික මුදාගැනීමේ මෙහෙයුමක්බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්ඉන්දියාවේ දෙවැනි පරම්පරාවේ ‘NVS-03’ යාත්‍රා උපකාරක චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කෙරේ“රජයේ ගිවිසුම් අංකය නැති ලිහිසි තෙල් ගන්න එපා”: අනවසර ලිහිසි තෙල් තොග පිටින් අල්ලද්දී පාරිභෝගික අධිකාරියෙන් අවවාදයක්බැංකු පොලිය, වාහන, වෘත්තිකයන් සහ ඩිජිටල් සේවා බදු: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිරකළ බදු ප්‍රතිපත්ති ගැන මානව හිමිකම් කේන්ද්‍රයෙන් විශේෂ ප්‍රකාශයක්වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඉන්දීය අරමුදල් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා පවත්වයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඉන්දීය අරමුදල් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා පවත්වයි

ඉන්දීය රජයේ මූල්‍ය සහාය යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවලට බලපා ඇති ගැටලු විසඳීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර  ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD) සඳහන් කළේ, ඉන්දීය මූල්‍ය සහාය යටතේ ක්‍රියාත්මක යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති අභියෝග සහ ඒවා විසඳීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු කළ බවයි.

එම ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ගිවිසුම් අලුත් කිරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කර ඇත.

මෙහිදී සමාලෝචනයට ලක් කළ ව්‍යාපෘති ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන; වරාය සහ සිවිල් ගුවන් සේවා; වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්; නිවාස ඉදිකිරීම් සහ ජල සැපයුම්; ධීවර, ජලජ සහ සාගර සම්පත්; විද්‍යා හා තාක්ෂණ; සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා යන අමාත්‍යාංශ කිහිපයක් හරහා ක්‍රියාත්මක වේ.

ඉන්දියාව විසින් ආපදා ප්‍රතිසාධන සහ නැවත ඉදිකිරීම් කටයුතු සඳහා ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 450ක ණය සහ ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී සමාලෝචනය කර ඇත.

ඉන්දීය මූල්‍ය සහාය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය තුළ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම පිළිබඳවද නිලධාරීන් සාකච්ඡා කළහ.

ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *