ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සියලු සාමාජිකයින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සාමූහික ඉල්ලා අස්වීමේ ලිපියක් භාර දී සිය තනතුරුවලින් ඉවත් වී තිබේ.
කරුණු කිහිපයක් පදනම් කරගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව තේරීම් කමිටුව සම්පූර්ණයෙන්ම විසුරුවා හැරීමට කටයුතු කර ඇත.
ඉල්ලා අස් වූ සාමාජිකයින්:
- ඩී. ඒ. දයාරත්න – හිටපු ක්‍රීඩා සහකාර අධ්යක්ෂ
- කර්නල් එම්. කේ. පී. ජයසේකර – හිටපු ජාතික මලල ක්‍රීඩක සහ වාර්තා හිමිකරු
- රවී විද්‍යාලංකාර – හිටපු පාසල් ජාතික වාර්තා හිමිකරු


