රුපියල් මිලියන 14.8ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ මොනරාගල පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් මිලියන 14.8ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 24 හැවිරිදි මොනරාගල ප්‍රදේශයේ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (27) පෙරවරු 9.25ට තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.480ක් සොයාගෙන ඇත.

අදාළ මත්ද්‍රව්‍ය සොසේජස් ආකාරයට සකස් කර, චොකලට් ආලේප කර, ඇසුරුම් කර ජනප්‍රිය චොකලට් වෙළඳ නාමයක නම මුද්‍රණය කරමින් සඟවා රැගෙන පැමිණ ඇති බව බලධාරීන් සඳහන් කළහ.

සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *