Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකා පොලිසියට බෙදා හැරීමට තිබූ වාහන රේගුව විසින් අත්අඩංගුවට ගනී.

ශ්‍රී ලංකා පොලිසියට බෙදා හැරීමට තිබූ වාහන රේගුව විසින් අත්අඩංගුවට ගනී.

රේගු දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය වත්කම් ලෙස ප්‍රකාශයට පත් කර ඇති වාහන මත්ද්‍රව්‍ය වැටලීම් ඇතුළු වැටලීම් සඳහා ශ්‍රී ලංකා පොලිසිය වෙත බෙදා හැරීමට කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ හම්බන්තොට වරායේ තැන්පත් කර ඇති වාහන පරීක්ෂා කිරීමේ නිරත වූ බවයි.

නිරීක්ෂණයෙන් අනතුරුව අමාත්‍යවරයා කියා සිටියේ මීට වසර කිහිපයකට පෙර නීතිවිරෝධී ලෙස ආනයනය කළ බවට අත්අඩංගුවට ගත් වාහන මේ වනවිට අබලන් වෙමින් පවතින බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එම වාහනවලට ඇති නීතිමය බාධා නිරාකරණය කර මහජන සුබසාධනය සඳහා එම වාහන භාවිත කරන බව රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.

“මේ වනවිට මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවල සැලකිය යුතු වර්ධනයක් තිබෙනවා. වැටලීම් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සතුව ඇත්තේ වාහන 12,000ක් පමණි. ඒ අතර සමහර වාහන අවුරුදු 20කට වඩා පරණයි.” ඔහු පැවසීය.

දැනට පවතින පොලිස් ස්ථාන 600ක සහ අලුතින් පිහිටුවීමට නියමිත පොලිස් ස්ථාන 111ක මෙහෙයුම් කටයුතු සඳහා දැනට පවතින වාහන ප්‍රමාණවත් නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලීමකට අනුව අත්අඩංගුවට ගත් වාහන පොලිස් මෙහෙයුම් සඳහා බෙදා හැරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *