ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම සහභාගි වන පුහුණු තරගය, සැලසුම් කර තිබූ දින හතරක තරගයක් වෙනුවට දින තුනක තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.
මෙම පුහුණු තරගය අගෝස්තු 7 වනදා කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, ඉන්දීය කණ්ඩායම අගෝස්තු 4 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අගෝස්තු 15 සිට 19 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 23 සිට 27 දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


