විමල්ගේ හිටපු මාධ්‍ය ලේකම් FCID අත්අඩංගුවට

විමල් වීරවංශ මහතාගේ හිටපු මාධ්‍ය ලේකම් ප්‍රසාද් මංජු මහතා රාජ්‍ය සම්පත් අවභාවිතය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

වීරවංශ මහතා කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන සහ ඉන්ධන අවභාවිත කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පවසයි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන, ඉන්ධන ඇතුළු සම්පත් අනවසරයෙන් පරිහරණය කළ බවට කෙරෙන ප්‍රකාශයන් විමර්ශනය කරමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *