2016 වසරේ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් මහජන පීඩාවක් සිදු කළ බව කියන විරෝධතාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි ජූලි මස 13 වනදා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළා.
මෙම නඩුව අද කැදවූ අවස්ථාවේදී නඩුවේ සාක්ෂිකරුවන් අධිකරණයට පැමිණ සිටියේ නැහැ.
2016 වසරේ පෙබරවාරි මස 06 වැනිදා එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් විත්තිකරුවන් කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා මාර්ග අවහිර කරමින් මහජනතාව අපහසුතාවට පත් කළ බවට කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව පවරා ඇත.


