Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ක්‍රීඩා

වසර 10කට පසු පාකිස්තානයේදී ටෙස්ට් තරගයක් : ශ්‍රී ලංකාව හා පාකිස්තාන තරගය අද ඇරඹේ

වසර 10කට පසු පාකිස්තානයේදී ටෙස්ට් තරගයක් : ශ්‍රී ලංකාව හා පාකිස්තාන තරගය අද ඇරඹේ

2009 වසරේ පාකිස්තානයේ සංචාරය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු කිසිදු ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් නොපැවැති පාකිස්තානයට ඉන් වසර 10කට පසු යළිත් ටෙස්ට් තරගයක් පාකිස්තානයේදී ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කරමින් ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගය අද(11) ආරම්භ කෙරේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය රාවල්පින්ඩි නුවරදී අද ආරම්භ වන අතර මෙම තරගය උත්සවාකාරයෙන් සංවිධානය කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු යොදා ඇත.

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව වසර 10 කට අධික කාලයක් පාකිස්තානය සත්කාරත්වය දැරූ ටෙස්ට් තරග එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි, අබුඩාබි සහ සාජා යන ක්‍රීඩාංගණවලදී පැවැත්විණි. ශ්‍රී ලංකා පිල ඊයේ (10) රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පුහුණු සැසියකට සහභාගි විය.

ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න එම පුහුණු සැසියනේ පසුව මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසුවේ ප්‍රබල පාකිස්තානු පිලට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් සිටින බවයි.

එහිදී අදහස් දක්වමින් දිමුත් කරුණාරත්න කියා සිටියේ නිරෝෂන් දික්වැල්ල කඩුලු රකින්නා ලෙස කටයුතු කරනු ඇති බවත් දිනේෂ් චන්දිමාල්ට පිතිකරුවකු ලෙස ස්ථානයක් හිමිවනු ඇති බවත්ය. එසේම තමන් තවම අවසන් කණ්ඩායම තෝරාගෙන නැති බවද කී ශ්‍රී ලංකා නායකයා නව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පාකිස්තානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස වසර තුනක් කටයුතු කර තිබීම තමන්ට වාසියක් බවද කීවේය. ඔහුට පාකිස්තානු කණ්ඩායම පිළිබඳව හොඳ දැනුමත් ඇති බවද දිමුත් කියා සිටියේය.

ආරක්‍ෂාව පිළිබඳව කළ විමසුමේදී අදහස් දක්වමින් දිමුත් කරුණාරත්න කියා සිටියේ විස්සයි 20 හා එක්දින තරගාවලියකට පාකිස්තානයේදී සහභාගීවු බවත් කිසිදු ගැටලුවක් නොවී එම තරගාවලිය අවසන් කර සිය කණ්ඩායම ආපසු ගිය බවත් ආරක්ෂාව හොඳ තත්ත්වයක තිබූ බැවින් ඉදිරියේදී සෙසු රටවල්ද පාකිස්තානයේ සංචාරය කරනු ඇති බව සිතන බවයි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් ලෙස නායක දිමුත් කරුණාරත්න සහ ඕෂද ප්‍රනාන්දු කටයුතු කිරීමට නියමිතය.

කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල පිතිකරුවන් ලෙස ද, ධනංජය ද සිල්වා තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ද ක්‍රීඩා කිරීමට නියමිතය.

දඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරා සහ ලසිත් ඇඹුල්දෙණිය, වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට ඇතුළත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

මෙවර පාකිස්තාන සංචාරයට එක්වීමට නියමිතව සිටි වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් එම අවස්ථාව අහිමිවිය.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ඕෂද ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ලක්‍ෂාන් සඳකැන් සහ අසිත ප්‍රනාන්දු

පාකිස්තානු ටෙස්ට් සංචිතය:
අසාර් අලී (නායක), බාබර් අසාම්, ඉමාම් උල් හක්, අබිද් අලී, අසාද් ශාෆික්, ෆවාඞ් අලාම්, හැරිස් සොහෙල්, ඉම්රාන් ඛාන්, කෂීෆ් බට්ටි, මොහොමඞ් අබ්බාස්, මොහොමඞ් රිස්වාන්, නසීම් ෂා, ශාන් මෂූඞ්, යසීර් ෂා සහ උස්මාන් ශින්වාරී

අදහස් (17)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *