ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බවට විශ්වාස කෙරෙන සහ දැනට ලෙබනනයේ පදිංචිව සිටින කාන්තාවක් හඳුනා ගැනීම සඳහා සහය වන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අමාත්‍යාංශයට අනුව, මෙම කාන්තාව “රහ්මා” ලෙස හැඳින්වූ බව වාර්තා වන නමුත් ඇයගේ සැබෑ අනන්‍යතාවය, පවුලේ තොරතුරු සහ උපන් ස්ථානය තවමත් තහවුරු කර නොමැත.
මෙම කාන්තාව හඳුනා ගැනීමට හෝ ඇයගේ පවුලේ සාමාජිකයන් සහ දන්නා හඳුනන අය සොයා ගැනීමට උපකාර වන තොරතුරු ඇති ඕනෑම අයෙකුට ඉදිරිපත් වී විස්තර සපයන ලෙස අමාත්‍යාංශය ඉල්ලා ඇත.
බත්තරමුල්ල, සුහුරුපායේ 16 වැනි මහලේ පිහිටි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය සමඟ තොරතුරු බෙදා ගත හැකිය. +94 11 227 5525 යන දුරකථන අංකයෙන් හෝ [email protected] යන විද්‍යුත් තැපෑලෙන් අමාත්‍යාංශය සම්බන්ධ කර ගත හැක.
ලැබෙන සියලුම තොරතුරු දැඩි රහස්‍යභාවයෙන් යුතුව සලකන බවට නිලධාරීන් සහතික විය.



