Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

රෝගී තත්ත්වයක් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

රෝගී තත්ත්වයක් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පසුගිය කාලය තුළ දිස්ත්‍රික්ක කිහිපයකින් සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, නුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ වන දිස්ක්‍රික්කවලින් එසේ සරම්ප රෝගීන් වාර්තා වූ බව ලේකම්වරයා සඳහන් කළේය.

සෞඛ්‍ය අමත්‍යාංශයේ පැවැති මධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ බව සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී සඳහන් කළේ සරම්ප රෝගය වැළක්වීම සඳහා විශේෂ වැඩසටහනක් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව ක්‍රියාත්මක කරන බවය.

ඒ අනුව, එම වැඩසටහන 2024 ජනවාරි 06 වනදා උදෑසන 09 සිට සවස 04 දක්වා ළඟම ඇති වෛද්‍ය සායනයක් මගින් මාස 6 – 9 අතර ලදරුවන්ට සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්  විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය වැළඳුන අවදානම් කලාප 62ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පෙන්වා දෙයි.

දිස්ත්‍රික්ක වශයෙන් ගත්කළ කොළඹ, ගම්පහ, කළුතර, නුවර, මඩකලපුව සහ යාපනයයන දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබුණේ‍ පසුගිය මැයි මාසයේ බවත් දෙසැම්බර් මාසයේ ඩෙංගු රෝගීන් අටදහස් ගණනක් වාර්තාවූ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

එමෙන්ම ඩෙංගු මරණ සහ සංකූලතා අවමකර ගැනීම සඳහා දින දෙකකට වඩා උණ රෝගය තිබේනම් ළඟම ඇති වෛද්‍යවරයෙකු හෝ රජයේ රෝහලක් වෙත යන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉල්ලා සිටියේය.

මේ අතර ඕනෑම ස්වසන රෝගයක් පැතිරීම වැළැක්වීම සඳහා මුඛ ආවරණයක් පැළඳීම, නිතර අත්සේම, දෙදෙනෙකු අතර ඇති පරතය වැඩිකර තබා ගැනීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

එමෙන්ම කොවඩ් JN-1 සම්බන්ධයෙන් දැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *