පසුගිය කාලය තුළ දිස්ත්‍රික්ක කිහිපයකින් සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, නුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ වන දිස්ක්‍රික්කවලින් එසේ සරම්ප රෝගීන් වාර්තා වූ බව ලේකම්වරයා සඳහන් කළේය.
සෞඛ්‍ය අමත්‍යාංශයේ පැවැති මධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ බව සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී සඳහන් කළේ සරම්ප රෝගය වැළක්වීම සඳහා විශේෂ වැඩසටහනක් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව ක්‍රියාත්මක කරන බවය.
ඒ අනුව, එම වැඩසටහන 2024 ජනවාරි 06 වනදා උදෑසන 09 සිට සවස 04 දක්වා ළඟම ඇති වෛද්‍ය සායනයක් මගින් මාස 6 – 9 අතර ලදරුවන්ට සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය වැළඳුන අවදානම් කලාප 62ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පෙන්වා දෙයි.
දිස්ත්‍රික්ක වශයෙන් ගත්කළ කොළඹ, ගම්පහ, කළුතර, නුවර, මඩකලපුව සහ යාපනයයන දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.
ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබුණේ පසුගිය මැයි මාසයේ බවත් දෙසැම්බර් මාසයේ ඩෙංගු රෝගීන් අටදහස් ගණනක් වාර්තාවූ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.
එමෙන්ම ඩෙංගු මරණ සහ සංකූලතා අවමකර ගැනීම සඳහා දින දෙකකට වඩා උණ රෝගය තිබේනම් ළඟම ඇති වෛද්‍යවරයෙකු හෝ රජයේ රෝහලක් වෙත යන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉල්ලා සිටියේය.
මේ අතර ඕනෑම ස්වසන රෝගයක් පැතිරීම වැළැක්වීම සඳහා මුඛ ආවරණයක් පැළඳීම, නිතර අත්සේම, දෙදෙනෙකු අතර ඇති පරතය වැඩිකර තබා ගැනීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
එමෙන්ම කොවඩ් JN-1 සම්බන්ධයෙන් දැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වැඩිදුරටත් පැවසීය.